පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
Posted on Aug 13, 2025
උක්ත පාඨමාලාවට අදාළව 2024 දෙසැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන 2025.09.15 දිනෙන් පසු නිකුත් කිරීමට නියමිතව ඇත.
ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරන රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ අමුණා ඇති අයදුම්පත සමඟ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.
සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “උපාධි සහතික පත්‍ර ලබා ගැනීමˮ ලෙස සඳහන් කිරීම අනිවාර්ය වේ.
Posted on Aug 13, 2025