වෙබ් අඩවිය මගින් ලබා ගන්නා අයදුම්පත සම්පූර්ණ කර ඒ සමග හෝමාගම ලංකා බැංකු ශාඛාවේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ගිණුම් අංක 711201ට බැර වන පරිදි රු. 500.00ක් ගෙවා ලබා ගන්නා ලද බැංකු කුවිතාන්සිය අමුණා ලියාපදිංචි තැපෑලෙන් 2025.08.08 දිනට පෙර පහත ලිපිනයට එවිය යුතු ය.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (ශිෂ්‍ය සේවා – වැඩ ආවරණ), ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ගුරුළුගෝමී මාවත, පිටිපන උතුර, හෝමාගම.
දුරකථන අංකය :-011-2857786
■ තැපැල් මගින්:
තැපැල් මගින් අයදුම්පත් ලබා ගන්නේ නම්, හෝමාගම ලංකා බැංකු ශාඛාවේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ගිණුම් අංක 711201ට බැර වන පරිදි රු. 500.00ක් ගෙවා ලබා ගන්නා ලද බැංකු කුවිතාන්සිය සමග 10″x7″, ප්‍රමාණයේ තම නම සහ ලිපිනය ලියන ලද රු. 110.00ක මුද්දර ඇලවූ ලියුම් කවරයක් ද සමග 2025.07.31 දිනට පෙර ලැබෙන සේ එවිය යුතු ය. චෙක්පත් හෝ මුදල් ඇණවුම් භාර ගනු නො ලැබේ. අයදුම්පත් ලබා ගැනීම සඳහා එවනු ලබන කවරයේ වම්පස ඉහළ කෙළවරේ “විශ්වවිද්‍යාලය ප්‍රවේශය – 2025/2026” යනුවෙන් සඳහන් කළ යුතු ය.
■ පැමිණ ලබා ගැනීම:
අයදුම්පත් හා අදාළ විස්තර හෝමාගම, පිටිපන නගරය, මොරගහහේන පාරේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ දී සතියේ වැඩ කරන දිනවල ප.ව. 3.00 ට පෙර 2025.08.01 දින දක්වා පැමිණ ලබා ගත හැකි ය.
අසම්පූර්ණ අයදුම්පත් සහ අයදුම්පත් භාර ගන්නා අවසන් දිනයෙන් පසු ව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2025.08.08 දිනට පෙර ඉහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ය. කවරයේ වම්පස ඉහළ කෙළවරේ “විශ්වවිද්‍යාලය ප්‍රවේශය -2025/2026” යනුවෙන් සඳහන් කළ යුතු ය.
සැ.යු. :- විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියට සහ උපාධි ප්‍රදානයට අදාළ නීතිරීතිවලට යටත් ව සිසුන් ලියාපදිංචි කරන බව ද, පැවිදි ශිෂ්‍යයෙකු වශයෙන් ලියාපදිංචිය ලබා ගත් පසු උපැවිදි වුවහොත් ශිෂ්‍ය භාවය හා ඊට හිමි සියලු වරප්‍රසාද අහිමි වන බව ද, පැවිදි ශිෂ්‍යයෙකු උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රථම උපැවිදි වුවහොත් අනුපස්ථිතියෙහි පමණක් අදාළ උපාධිය ප්‍රදානය කරනු ලබන බව ද පැවිදි නමින් පමණක් උපාධි සහතිකය ප්‍රදානය කරනු ලබන බව ද සැලකිය යුතු ය.
ලේඛකාධිකාරී – වැඩබලන
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
අංක 37, මොරගහහේන පාර, පිටිපන නගරය,
හෝමාගම.
2025.07.16